Popcash.net | Popup Ads වලින් ගානක් හොයමු.

2:51:00 PM 0

ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියාදෙන්න හදන්නේ ඔයාගේ Blog/website එකෙන් ගානක් හොයාගන්න පුලුවන් තවත් ක්‍රමයක් ගැන.ඉතින් මේ Site එකේ තියෙන Ad වර්ගය තමයි Popup ads. මොකද්ද මේ Popup Ads කියන්නේ? මෙහෙමයි මෙකෙදි වෙන්නේ ඔයාගේ බ්ලොග් එකට කවුරුහරි ආවාම එයා පාවිච්චි කරන Browser එකෙන් අලුත් Tab එකක් auto Open වෙලා Ad එක Load වෙනවා.ඉතින් මේ වැඩේ වෙන්නේ එක පාරක් විතරයි. ඉතින් මේ ක්‍රමයෙන් ඔයාගේ Blog එකට එන Visiters ලට කරදරයක් ඇත්තෙම නෑ. මේ Ad Site එක ගැන කිව්වොත් ලොකේ පුරා ජනතාවගේ විශ්වාසය දිනා ගත්ත Site එකක් හින්දා බය නැතුව පාවිච්චි කරන්න පුලුවන්.මුලින්ම මෙතනින් Site එකට ගිහිල්ලා ගිහින් Register වෙන්න. 


මතක් කරලා Email එකට ආපු Mail එක බලලා Confirm කරන්න.ඉටපස්සේ Sites වලට ගිහිල්ලා ඔයාගේ Site එක දාලා Approve කරගන්න ඔනි. බය වෙන්න දෙයක් නෑ Adsense වගේ කරදරයක් නැතුවම Approvel දෙනවා.ඉටපස්සේ Adcode එක අරගෙන ඔයාගේ Blog/Website එකේ </head> එකට උඩින් Paste කරලා Save කරන්න තියෙන්නේ. ඔයාගේ Website එකට හොද Traffic එකක් තියෙනවනම් හොද ගානක් හොයාගන්න පුලුවන්..ඉටපස්සේ  10$ උන ගමන් Paypal,Payza වලට Payout කරන්න පුලුවන්.ඔන්න එහෙනම් ප්‍රශ්න තියෙනවනම් පහලින් දාන්න ආයෙත් හම්බවෙමු අලුත් Post එකකින් bye….

මොකද්ද මේ Airtel Smart Cache Technology කියන්නේ?

2:41:00 PM 2


Airtel එකේ අයියලා මේ දවස්වල කියවන දෙයක් ගැන තමයි මම අද ඔයාලට කියාදෙන්න යන්නේ . ඔයාලා දන්නවනේ ලංකාවේ Internet Service Proviers ලා අතර ලොකු තරගකාරීත්වයක් තියෙනවා තමන්ගේ ග්‍රාහකයන් සංඛ්‍යාව වැඩි කරන්න ඉතින් Airtel එකේ අය ඒ අරමුණට යන්න හදුන්වා දිපු දෙයක් තමයි මේ.ඉතින් මේ තාක්ෂණය ගැන කතා කරොත් අපි හැමෝම දන්නවා. අපේ Phone එකට Pc එකට Internrt එක හරහා Data ලැබෙන්නේ ලොකේ පුරාම තියෙන Servers වලින් ඉතින් මේ Servers හරහා Data එනකොට එකට වැඩි කාලයක් ගතවෙනවා. ඉතින් Airtel අය මේ ප්‍රශ්නෙට විසදුමක් විදියට එයාලා එයාලගේ Servers වල දත්ත ගබඩා කරගෙන අපිට දෙනවා. එ වගේම තමයි ඒ Servers දවසේ පැය 24 පුරාම ලොකේ වටේ තියෙන Servers එක්ක සම්බන්ධ වෙලා Data Update කරගන්නවා.මේ Service එක ඔනේම Airtel Sim එකකින් අත්විදින්න පුලුවන්.මම Airtel පාවිච්චි කරන කෙනෙක් හැටියට එයාලගේ Speed එක ගොඩක් හොද තත්වෙක තියෙනවා.හැබැයි අනිත් Isp ලත් එක්ක බැලුවම Data ටික නම් ඉක්මනට ඉවර වෙනවා අන්න එකයි අවුලකට තියෙන්නේ.කොහොමහරි එයාලා කියන විදියට මේ Technology එක හින්දා Data Speed එක තියෙනවට වඩා 40% වැඩි වෙනවා.ඒ වගේම Mb එකට වැයවෙන මුදල අඩු කරන්න එයාලට පුලුවන් වෙලා තියෙනවා.

Advanced Level SQL Practicel Pdf

10:35:00 AM 0


ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ ALICT කරන යාලුවන්ට ටිකක් අමාරුයි කියන SQL නැත්තම් DataBase Programming practicel Codes  තියෙන Pdf එකක් ඉතින් මේකේ අඩංගු වෙනවා Al වලට තියෙන SQL කොටස් හැම එකක්ම ඉතින් ඔයාලට පුලුවන් මේ PDF එක බලාගෙන Code Type කරලා SQL ඉගෙනගන්න.Codes Copy කරලා උනත් අරගෙන පාවිච්චි කරන්න පුලුවන්.AL වලට තියෙන Programming Language ගොඩක්ම Practicel වලින් තමයි. අල්ලගන්න පුලුවන් නැතුවනම් අමාරුයි.ඉතින් මම හිතනවා ඔයාලට මේ PDF එක ගොඩක් වැදගත් වෙයි කියලා.එහෙනම් ඔන්න පහලින් download කරගන්න පුලුවන්.


                                                   

Facebook Data Center | ඔයා Facebook එකට Upload කරන Photos,Videos කොහෙද තියෙන්නේ කියලා බලමුද?

5:42:00 PM 0


ඔන්න අද මම කියන්න යන්නේ පොඩ්ඩක් විතර වෙනස් දෙයක් ගැන අද ලොකේ facebook account එකක් නැති කෙනෙක් නැතුව ඇති ඉතින් ඔයාලා දන්නවනේ ඔයාගේ computer එකේ Data හැමදෙයක්ම තියෙන්නේ Hard Disk එකේ එතකොට Phone එකේ internrl හෝ Externel sd kard එකක ඉතින් facebook එකේ අයියලත් වෙනම තැනක් වෙන් කරගෙන ඔයාලගේ TB ගනන් Data Server වල තමයි දාගෙන ඉන්නේ. මොකක්ද මේ Server එකක් කියන්නේ? දවසේ පැය 24 ම වැඩ කරන අන්තර්ජාලයට සම්බන්ධව තියෙන Computer එකක් තමයි Server කියන්නේ ඉතින් මේ Video එකෙන් ඔයාලට බලාගන්න පුලුවන් මේ Data Center එක ගැන හොද විස්තරයක් වගේම ඒ ගොල්ලෝ කොහොමද මේක නඩත්තු කරන්නේ? Power දෙන්නෙ කොහොමද ? දවසට කොච්චර Servers මේ Center එකට එනවද? වගේ ගොඩක් දෙවල් Data ටිකක් කැපුනත් පාඩුවක් නැති ගොඩක් වටින Video එකක් …ඔන්න එහෙනම් මම යනවා ඔයාලගේ අදහස් පහලින් දාන්නත් අමතක කරන්න එපා..


UniPDF Converter | PDF File එකක් Word,Text,Image,HTML File එකකට Convert කරමු.

1:34:00 PM 0


ඔන්න යාලුවනේ මාස කිහිපයක නිවාඩුවකින් පස්සේ මම ආයෙත් ආවා.ඔයාලට ගොඩක් වටින පොඩි සොෆ්ට් එකක් අරගෙන ඉතින් මේ සොෆ්ට් එකෙන් පුලුවන් ඔනේම pdf එකක් word,text.image,html File Formet එකකට Convert කරන්න.හැබැයි මුලින්ම කියන්න ඔනි මෙකට Sinhala Support නෑ.ඒ උනාට image විදියට Convert කරද්දි මේ අවුල එන්නේ නෑ. ඒ හින්දා මතක තියාගන්න සිංහල pdf convert කරන්න පුලුවන් image වලට විතරයි කියලා අනිත් Formet වලට Convert කරොත් Font එක අවුල් හින්දා කියවන්න බෑ. ඔන්න මම සොෆ්ට් අඩු පාඩු ඔක්කොම කිව්වා. දැන් Dowload කරගෙන බලන්න… ;)